සෞඛ්‍ය අමාත්‍යාංශය අක්ෂි කාච හදිසි මිලදී ගැනීමකට යොමු වීමෙන් රජයට මසකට රුපියල් මිලියන 300 ක් අහිමි විය හැකි බැවින්, මසකට අවශ්‍ය අක්ෂි කාච 15,000 ක ප්‍රමාණය සාමාන්‍ය මිලදී ගැනීම් යටතේ ලබා දීමට වෛද්‍ය සැපයුම් අංශය ක්‍රියා කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
අක්ෂි කාච සාමාන්‍ය මිලදී ගැනීමකට වඩා රුපියල් මිලියන 300 කට අධික මුදලක් වැය කරමින් සැපයීම සාමාන්‍ය තත්ත්වයක් නොවන බැවින් රජයට පාඩුවන මුදල පිළිබඳව වගකිවයුත්තකු සිටිය යුතුව ඇතැයි ද එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ (05දා) මාධ්‍ය වෙත පැවසීය.
රජයේ රෝහල් සේවා සාමාන්‍ය මිලදී ගැනීමකට ක්‍රියා නොකිරීමෙන් එක් අක්ෂි කාචයක් සඳහා රුපියල් 20,000 සිට 30,000 දක්වා වූ අධික මිලක් වැය කිරීමට රජයට සිදුවනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදිසි මිලදී ගැනීමකදී එක් අක්ෂි කාචයකින් රජයට අහිමි විය හැකි මුදල රුපියල් 12000 සිට 20000 දක්වා ඉහළ යා හැකි බවත්, ඉන් සමස්තයක් ලෙස මසකට රජයට රුපියල් මිලියන 300 කට ආසන්න මුදලක් අහිමි වීමක් බව ද රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.