Monday, December 23, 2024
spot_img
Homeසිංහලඑසැණ පුවත්කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා!…අරගලය අපි හැමෝගෙමයි

කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා!…අරගලය අපි හැමෝගෙමයි

දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් වෙත හාල් පොත, ආහාර මුද්දර, දිළිඳු සහන වැනි ආණ්ඩුවේ සෘජු ආධාර සැපයෙන ක්‍රමවේද වෙනුවට ‘ජනසවිය’ වැඩසටහන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හඳුන්වා දුන් අතර, අනතුරුව බලයට පැමිණි පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ‘සමෘද්ධි’ යනුවෙන් එය වෙනස් කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ එය ‘දිවිනැගුම’ විය. නැවත කැබිනට් පත්‍රිකාවකින් නම වෙනස් කළ යහපාලන ආණ්ඩුව එයම සමෘද්ධිය ලෙස නම් කළේය. විවිධ නම්වලින් එකම ක්‍රියාදාමය වසර ගණනක් පුරා මේ අයුරින් ක්‍රියාත්මක වුවද අපේක්ෂිත ප්‍රතිඵල නම් ළඟා කර ගත නොහැකි වී ඇති බව මේ වන විට පැහැදිලිය.

කෙසේ වුවද රට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ අපහසුතාවට පත් වී සිටින ජනතාව වෙත සහන සැලසීමේ අවශ්‍යතාවට ප්‍රමුඛත්වය දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද 2022 අතුරු අය වැය යෝජනා මේ වන විටත් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. අතුරු අයවැයෙන් ඒ සඳහා විශාල අරමුදල් ප්‍රමාණයක් වෙන් කරනු ලැබීය. එසේම “සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය” නැවත පණ ගන්වා, එයින් අපේක්ෂිත අරමුණ සාක්ෂාත් කර ගැනීමට වත්මන් රජය ක්‍රියාත්මක වී තිබේ.

සුදුසුම හා අවශ්‍යම පුද්ගලයන්ට ප්‍රතිලාභ හිමි කර දීමත්, එම ක්‍රියාවලිය කඩිනම් කිරීමත් සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ඊට නව යාන්ත්‍රණයක් හඳුන්වා දෙනු ලැබීය. දැනට ක්‍රියාත්මක මහජන සුබ සාධන වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන් මෙන්ම වත්මන් ආර්ථික අර්බුදය හමුවේ රජයේ සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තු වන පිරිස් ද එමඟින් හඳුනා ගැනීමට බලාපොරොත්තු වේ. පවුල් මිලියන 3.9ක් මෙම වැඩසටහන හරහා අයැදුම් කරනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර කඩිනම් ක්‍රියාවලියක් හරහා මේ වසර අවසන් වීමට පෙර එම වැඩසටහන සම්පූර්ණ කිරීමට නියමිතය.

ජනාධිතිවරයාගේ උපදෙස් පරිදි ආරම්භ කළ මෙම “කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා!” කඩිනම් වැඩසටහනට මේ වන විටත් සුබසාධක ප්‍රතිලාභ ලබන අයට මෙන්ම එසේ නොලබන, නමුත් සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තු වන ඕනෑම අයකුට අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.

ඔක්තෝබර් 28 දක්වා අයදුම් කළ හැකියි

ලැබෙන වාර්තා අනුව පසුගිය බදාදා වන විට අයැදුම්පත් මිලියන 2.3 ක් පමණ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා තහවුරු කළේය. අයැදුම්පත් බාර ගැනීමේ දිනය ඔක්තෝබර් 28 දා දක්වා දීර්ඝ කර කරමින් තවදුරටත් අයැදුම් කළ නොහැකි වූ පිරිසට ඊට අයැදුම් කිරීමට අවස්ථාව සලසා තිබේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img