Monday, December 23, 2024
spot_img
Homeසිංහලදේශපාලනබිත්තර රොටියේ බිත්තර කහමදේ නැතැයි රොටියෙන් මූණට ගහලා

බිත්තර රොටියේ බිත්තර කහමදේ නැතැයි රොටියෙන් මූණට ගහලා

කොළඹට ආසන්න ප්‍රසිද්ධ අමාත්‍යාංශයක ඉහල තනතුරක් දරණ නිලධාරියෙකු තමන් උදේ ආහාරයට රැගෙන ගිය බිත්තර රොටියේ කහමදය නැතැයි උරණ වී බිත්තර රොටියෙන් එම ආපනශාලාවේ මුදල් අයකැමිවරයාගේ මූනට දමා ගසා ඇතැයි වාර්තා වේ.

වාර්තා වන අන්දමට සිද්ධය මෙසේය. කොළඹ ගෝල්ෆේස් කිට්ටුව පිහිටා ඇති අමාත්‍යාංශයකි. එහි සේවය කරන සුලු සේවකයාගේ සිට ඉහළම නිළධාරියා දක්වාම ආහාර පාන ලබා ගනුයේ එම අමාත්‍යාංශයේ පිහිටි ආපන ශාලාවෙනි. මේ කියන නිලධාරියා තරමක කුකුල් කේන්තිකාරයෙකි. තමන්ගේ තනතුරින් පහල සේවකයන්ට පාට් දමන්නෙකි. ඉංග්‍රීසි ටිකක් කටේ ගාගෙන ඇති නිසා ඉහළ නිලධාරීන්ද මොහු සමග වැඩි වාදයට යන්නේ නැත.  පසුගිය දිනක උදේ ආහාරයට ආපන ශාලාවෙන්  බිත්තර රොටී මිලදී ගෙන ඇති අතර බිත්තර රොටියේ කිසි තැනකින් කහ පාටට බිත්තර කහ මදය දක්නට ලැබී නැති නිසා බෙහෙවින් උරණ වී ඇත. ආපන ශාලාවට බිත්තර රොටිය රැගෙන ගොස් ඇති මොහු එහි සිටි මුදල් අයකැමිවරයාට සේවකයින් ඉදිරියේ  බැනවැදී බිත්තර රොටියෙන් මූණට දමා ගසා ඇත. මොහුගේ නිල බලය නිසා බියට පත්ව ඇති මුදල් අයකැමිවරයා තමනට සිදුවූ ලැජ්ජාව විඳගෙන පාඩුවේ සිට ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසුව අමාත්‍යාංශයේ සේවකයින් මොහු හැඳින්වීමට බිත්තර රොටියා යන අනුවර්ථ නාමය භාවිතා කිරීමට පටන්ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img