ඒ.එච්.එම්. ෆවුසි මහතා අමාත්‍යවරයකුව සිටියදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවකට වරද පිළිගැනීම හේතුවෙන් ඒ මහතාට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කල කොළඹ මහාධිකරණය එය වසර දහයකට අත්හිටුවනු ලැබීය.
දඬුවමට අමතරව රුපියල් ලක්ෂ හතරක දඩ මුදලක් ද ඔහුට නියම කර තිබේ.