මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිතා කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති අපේක්ෂකයින් වෙත දන්වා ඇත.
මැතිවරණ කටයුතු සඳහා රජයේ ගුවන් යානා ලබා ගන්නේ නම් අනිවාර්යෙන්ම ඒ සඳහා අදාල ගෙවීම් කළ යුතු බවත් මැතිවරණ නොවන කටයුතු සඳහා ගුවන් යානා ලබාගැනීමට අනුමැතිය ලබා ඇති පුද්ගලයින්ට ඒ සඳහා බාධාවක් නොමැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්රකාශ කර ඇත.
එසේම මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් සහ දුම්රිය යොදා ගන්නේ නම් ඒ සඳහාද අනිවාර්යෙන්ම මුදල් ගෙවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත.