පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ ඊයේ (29) පැවති රැස්වීමේදී ජනාධිපතිවරණයට ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවට වන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. එම රැස්වීමට සහභාගි වූ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 16 දෙනාගෙන් එකොළොස් දෙනකු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදිය යුතුය යන මතයේ සිට ඇති අතර අනෙක් පිරිස පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කල යුතු බවට ප්රකාශ කර ඇත.
කෙසේ වෙතත් පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුදැයි මෙතෙක් නිල වශයෙන් තීරණය වී නැත.