ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට ආරාධනාවක් ලැබුනහොත් එය භාර ගැනීමට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පවසති. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට හෝ ජනාධිපතිකමට හෝ නොව ඕනෑම තැනකට යෑමට සූදානම් බවත් මේ සම්බන්ධව තමාගෙන් ජනතාව මේ වනවිටද ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව නාහිමියෝ ප්‍රකාශ කලහ.
උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කලේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමිනි.