කොළඹ නගරයේ හා තදාසන්න පෙදෙස්වල ඊයේ දින අලවා ඇති පෝස්ටරක සඳහන් වූයේ ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ වශයෙනි. ඒ අනුව පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරෙන්නේද යන්න පිලිබඳව දේශපාලන කරලියේ කුකුසක් නිර්මාණය වී ඇත.
කෙසේ නමුත් පොදු ජන පෙරමුණ මේ දක්වා ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව නිශ්චිත අදහසක් ඉදිරිපත් කර නැත.