පොදු ජන පෙරමුණින් නම් කරන හෝ සහය දෙන අපේක්ෂකයා මහින්ද චින්තන වැඩපිලිවෙල සමග කටයුතු කරන අයෙකු විය යුතු බව එම පෙරමුණේ සමස්ථ ලංකා කාරක සභාව අද (24) දින තීරණය කරනු ලැබීය. එසේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා රට බෙදීමට අනුබල නොදෙන අයෙකු විය යුතු බවටද එහිදී තීරණය වී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් සහ මැති ඇමතිවරැන් සහභාගී වී ඇත.
කෙසේ වෙතත් පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරැන්ද යන්න මෙහිදී තීරණය වී නැත.