විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති උපදේශකවරයා වශයෙන් ආර්ථික විශේෂඥ ටලාල් රාෆි පත් කර ඇත. මෙම නව තනතුරට අදාල පත්වීම් ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විපක්ෂ නායක කාර්යාලයේදී පසුගිය දා (19) පිරිනමනු ලැබීය.
ටලාල් රාෆි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ විශේෂඥ සංසදයේ නිත්යදායකයකු වන අතර ලෝක ආර්ථික සංසදයේ විශේෂඥ ජාලයේ සාමාජිකයෙකි. එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානයේ බාහිර කථිකාචාර්යවරයෙකි.
ටලාල් රාෆි මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති අතර ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනය යන ආයතන විසින් මෙහෙයවනු ලබන ව්‍යාපෘතිවල ද කටයුතු කර ඇත.