ජපානයේ ශීඝ්‍රයෙන් පැතිර යන මාංශ පේශී සඳහා බැලපෑම් ඇති කරන මාරාන්තික බැක්ටීරියාව සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා සඳහන් කරයි.
මෙම බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට වාර්තා වී ඇති බව ජපාන මාධ්‍ය ප්‍රකාශ කර තබුණි.
උණ, මාංශ පේශි කැක්කුම සහ වමනය මෙහි මූලික රෝග ලක්ෂණ වන අතර රෝගය උත්සන්න වන විට අඩු රුධිර පීඩනය, හෘද ස්පන්දනය වේගවත්වීම සහ ශරීර අවයව අකර්මන්‍යවීම වීම වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. මෙම රෝගය හේතුකෙට ගෙන සිදුවන මරණ අනුපාතිකය සියයට 30 ක් පමණ වන බවත් රෝගය වැලඳී පැය 48 ක් තුල මරණය සිදුවිය හැකි බවටත් ප්‍රකාශවී ඇත.
කෙසේ වෙතත් මෙම බැක්ටීරියාවෙන් මෙතෙක් අප රටට බලපෑමක් ඇති වී නොමැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිලිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් හෝ දැනුම්දීමක් මේ දක්වා සිදුකර නොමැති බවත් සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.