වසර 17කට පසු විස්සයි-20 ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය. ඒ අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකානුවන් ලකුණු7කින් පරාජය කරමිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7කට ලකුණු 176 ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකානුවන්ට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8කට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 169ක් පමණි.
අවසන් තරගයේ වීරයා ලෙස විරාත් කෝලි නම් කෙරුනු අතර, තරගාවලියේ වීරයා සම්මානය හිමි වූයේ ජස්ප්‍රිට් බුම්රාටය.