හමාස් නායක ඉස්මායිල් හානියේ ඉරානයේ තෙහෙරාන් අගනුවර සිය නිවසේ සිටියදී ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් වී ඇත.
හමාස් සංවිධානය දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විත වන අතර ඉස්මායිල් හානියේ යනු ගාසා තීරයේ හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයාය. ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳව ඊශ්‍රායලය සමග සාකච්ඡා කළේ ඝාතනයට ලක්වූ හානියේය.
කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ඝාතනයට ලක් වූ හමාස් නායකයාගේ “ලේ කිසිදා අපතේ නොයනු ඇති” බවයි.