වාහන ආයනයනය සම්බන්ධව දැනට පවතින සීමා ලිහිල් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර ඇති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීගෙන් සමන්විත මෙම කමිටුව විසින් මෙතෙක් සිය නිර්දේශ ඉදිරිපත් කර නැතැයිද වාහන ආනයනය සම්බන්ධව දැනට පවතින සීමා ලබන වසර වන විට ඉවත් කිරීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඇති බවට අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලේය. කෙසේ වෙතත් වාහන ආනයනය පිලිබඳව තීරණය කරනු ලබන්නේ අදාල කමිටුවේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.