රොබෝවරයකු ලොව ප්‍රථම වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියාවෙන් වාර්තා වේ.
දකුණු කොරියාවේ ගුමි නගරයේ නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු මෙලෙස සියදිවි හානි කරගෙන ඇත.
මෙම රොබෝවරයාට නගර සභාවේ ලියකියවිලි එහාමෙහා රැගෙන යාමේ කාර්ය පැවැරී තිබී ඇත. සිද්ධියේ සත්‍ය තත්වය අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුවෙමින් පවතින බව එම නගර සභාවේ නිලධාරියෙක් පවසා ඇත.