නැවතත් බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව දේශීය වෙලඳපොලේ බිත්තර මිල ස්ථාවර කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ බිත්තර ආනයනය කිරීමට නියමිතය.
ඉදිරි කාලයේදී රාමසාන් සහ නත්තල් උත්සව පැවැත්වෙන බැවින්ද, බේකරි නිෂ්පාදන කර්‌මාන්තයට අවශ්‍ය බිත්තර අඩු මිලට සැපයීමට හැකි වන පරිදිද බිත්තර තොග ආනයනය කිරීම ට මේ අනුව අවසර ලැබෙනු ඇත.