සමාජ මාධ්‍ය ඔස්සේ නිතර පුවත් මවන නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලිට අයත් බැංකු කිහිපයක පවත්වාගෙන යනු ලබන ගිණුම් පිළිබඳව වාර්තා ලබාගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා රහස් පොලිසියට අවසර ලබාදී ඇත.
රහස් පොලිසියේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් මත මෙම වාර්තා කැඳවීමට අවසර ලබාදී ඇත.
මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් සිදුකල පැමිණිල්ලක් මත පදනම්ව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා සමග උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මහතා මේ සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.
රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම,කොළඹ හත නිවාස සංකීර්ණයකින් ඉහල වටිනාකමකින් යුත් නිවසක් මිලදී ගැනීම, බැංකු අටක පවත්වාගෙන යන ගිණුම් 19 තුළ කෝටි ගණනක් මුදල් තැන්පතු පැවතීම වැනි කරුණු සම්බන්ධව සහ දේපළ උපයා ගැනීම සම්බන්ධව මෙම විමර්ශණය සිදු කරනු ලබයි.