ජනාධිපති අපේක්ෂකයන්ගේ මාසික ආදායම දුටු විට තමන්ට දුක හිතෙන බව දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.
සාමාන්‍ය ජනතාවටත් ජීවත් වීමට නොහැකි ආදායමකින් ඔවුන් ජීවත්වීම පිලිබඳව පුදුම හිතෙන බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක මව්බිමේ ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා පැවසීය.
මේ හැම දෙනාම කළු ආර්ථිකයේ කොටස් කරැවන්. මේ අය තඹ සතයක් ආදායම් බදු ලෙස ගෙවා නැහැ. පැලවත්තේ හිටියත්, කොළඹ හතේ හිටියත්, පිටකෝට්ටේ හිටියත් එම සියලු දෙනා හොරු . රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගිය විට ඔහුට ජීවත්වීම සඳහා තමන්ගෙන් පාරිතෝෂිත දීමනාවක් ලබාදෙනවා.
ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කලේය.