ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩීසල් නැව් 4 ක් ලබා ගැනීම සඳහා වන කොන්ත්රාත්තුව චීන සමාගමකට පැවරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශයන්ට අනුව ලියාපදිංචි සැපයුම්කරුවන් අතරින් අදාළ සමාගමට අනුමැතිය ලබාදී ඇති අතර එම සමාගම විසින් අගෝස්තු 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ඩීසල් බැරල් 28000 බැගින් නැව් තොග 4 ලබාදීමට නියමිතව ඇත.