මේ වන විට එයාර් ටෙල් සබඳතා ඇති සිය පාරිභෝගිකයින්ට වඩාත් හොඳ සේවාවක් ලබාගැනීම සඳහා ඩයලොග් දුරකථන ජාලය වෙත මාරු වෙන්නැයි එයාර් ටෙල් සමාගම දැනුම් දීමක් කර ඇත. මෑතකදී එම සමාගම් දෙක අතර ඇතිකරගත් එකඟතා ගිවිසුමක් නිසා මෙම දැනුම් දී සිදු කර ඇත. මේ වන විට එයාටෙල් දුරකථන ජාලය ලංකාව තුළ ඩයලොග් සමාගම සමග මෙහෙයුම් කටයුතු සිදු කරයි.