Sunday, December 22, 2024
spot_img
Homeසිංහලදේශපාලනජවිපෙ භීෂණය නැවතත් හිස ඔසවයි - රටේ තැන තැන පහරදීම්

ජවිපෙ භීෂණය නැවතත් හිස ඔසවයි – රටේ තැන තැන පහරදීම්

ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිසුන් දෙපිරිසක් අතර පසුගිය 11 දින රාත්‍රී ඇති වූ ගැටුමක් හේතුවෙන්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වසා දැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවරගෙන  තිබේ. 

වාණිජ හා කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සිසුන් පිරිසක් සහ ශාස්ත්‍ර පීඨයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ සිසුන් පිරිසක් අතර දින කිහිපයක සිට පැවති ගැටුමක් දුරදිග යෑමෙන් මෙම තත්ත්වය නිර්මානය වී ඇත. 

විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ කලා උලෙළක් සම්බන්ධ කරගෙන මෙම ගැටුම නිර්මාණය වී ඇති අතර  මේ හේතුකොට ගෙන විශ්වවිද්‍යාලයේ සියලු පීඨයන් වසා දමා සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් පිටව යන ලෙස පාලනාධිකාරිය දැනුම් දී ඇත. 

මේ අතර දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයකට ද ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් විසින් පහර දුන් බවට කුරුදුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇත. 

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසින් ජාතික ජන බලවේගය බෞද්ධාගම සම්බන්ධයෙන් දරණ මතය පිළිබඳව උදාහරණ සහිතව අදහස් දක්වමින්  සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් කලහකාරී ලෙස හැසිරී පැමිණ සිටි පිරිසට පහරදී ඇති අතර පහර කෑ අයෙක් රෝහල් ගතකර ඇති බවටද වාර්තා වේ. 

මේ අතර මාලිමාවට ඡන්දය දෙන ලෙස බලකිරීමෙන් අනතුරුව එයට එරෙහි වූ පුද්ගලයෙකුට හෙල්මටයකින් පහරදීමේ සිද්දියක් ගාල්ල, කොස්ගොඩින් වාර්තාවේ. 

පහර කෑමට ලක්වූ පුද්ගලයාට තවත් පුද්ගලයෙකු විසින් මාලිමාවට ඡන්දය ලබාදෙන ලෙස තර්ජනාත්මකව පවසා ඇති අතර, තමන් කැමති තැනැත්තෙකුට ඡන්දය ප්‍රකාශ කරන බව ඔහු පැවසීමෙන් පසුව මෙම ප්‍රහාරය එල්ල කර ඇත. කොස්ගොඩ, ඉඳුරුව, කයිකාවල  පදිංචිකරුවෙකු වන මෙම පහර කෑමට ලක්වූ පුද්ගලයා පසුගිය 11 වැනිදා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.  

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img