ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගන්නේනම් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ද ඔහු පැවසීය.
තම පක්ෂයේ අපේක්ෂකයා නිසි වෙලාවට ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කළේය.