ස්වයං රැකියා නියුක්තිකයන් වෙනුවෙන් හඬ නැගූ කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහදගම මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.
මෑතක් වනතුරුම ඔහු පොදුජන පෙරමුණේ යාවජීව සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.
ගාලු මුවදොර අරගලකරුවන් විසින් සිදුකල පහරදීමක් නිසා මහ මග ගමන් කරමින් ‘අය්යෝ මාව හොස්පිටල් දාන්න අයියො’ කියමින් උදව් ඉල්ලීම හේතුවෙන් පසුගිය සමයේ ඔහු සමාජ මාධ්‍ය ජාලයන්ගේ ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබුණි.