කලා වැවේ ප්රධාන වාන් දොර අසල ගලක තැන්පත් කොට තිබුණු නිදන් වස්තු කිසියම් පිරිසක් විසින් පැහැර ගැනීම පිලිබඳව ඉපලෝගම පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මහවැලි අධිකාරිය විසින් ඉපලෝගම පොලිසියට සිදුකල පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
වාන් දොරටුවට පහලින් පිහිටි කලු ගල යන්ත්ර භාවිතා කරමින් විද එහි තැන්පත් කර තිබූ නිධන් වස්තු මේ ආකාරයට පැහැරගෙන ගොස් ඇති බවට සැක කෙරේ. මේ හේතුව නිසා වැවේ වානට බලපෑමක් එල්ල විය හැකි බව ජලාශය බාර ඉංජිනේරුවරයාගේ මතයයි.