20 – 20 ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කිසියම් විනය විරෝධී කටයුත්තක් සිදු කර ඇති බවට ඔප්පු වුවහොත් තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම සඳහා රජය විශාල වියදමක් දරන බවත් ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය විශාල වැඩකොටසක් ඉටුකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කලේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ” ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (24) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.