ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයශංකර් මහතා එක් දින සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට අද දින (20) ශ්‍රී ලංකාවට පැමිණියේය. අමාත්‍යවරයා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ පෙලේ දූත පිරිසක්ද පැමිණ ඇතැයි වාර්තා වේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර, දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ බව වාර්තා වේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන අගෝස්තු මාසයේදී මෙරට සංචාරයකට නියැලෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන යන මහත්වරැන්ද, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාද, දෙමළ දේශපාලන පක්ෂ නායකයින් හමුවීමට ද නියමිතය.