කන්කසන්තුරයට ආසන්නව අනවසරයෙන් ශ්රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට ගැනීමට යාමේදී නාවික සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඉන්දීය ධීවර යාත්රාව නාවික හමුදා ඩෝරා යාත්රාවේ බඳෙහි ගැටී ඇති අතර එහිදී තුවාල ලැබූ සෙබළා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති නමුත් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම යාත්රාවේ සිටි ඉන්දීය ධිවරයින් 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.