ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මානයක පැවති ආගමික මෙහෙයකදී සිදු වූ තෙරපීමකින් 121 දෙනකුට අධික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. මිය ගිය අයගෙන් වැඩි පිරිසක් කාන්තාවන් බව වාර්තාවේ. ඉන්දියාවේ ප්‍රකට අධ්‍යාත්මික නායකයකු වන බෝලේ බාබා අකා නාරායන් සාකාර් හරි විසින් පවත්වන ලද ආගමික මෙහෙයකට සහභාගි වූ බැතිමතුන් පිරිසක් මෙම අනතුරට මුහුණ පා තිබේ.
මෙම ආගමික මෙහෙය සඳහා අවසරය ලබා දී ඇති පිරිසට වඩා වැඩි පිරිසක් සහභාගීවී ඇති අතර මෙහෙය අවසානයේ ආශිර්වාද ලබාගැනීමට යාමේදී මෙම තෙරපීම සිදුවී ඇතැයි පැවසේ.