අහුන්ගල්ලේ තිදරු පියා වෙඩි තබා මරා ඝාතකයෝ පයින්ම පැන ගිහින්

0
102

සතියක් තුළ අහුන්ගල්ලේ දෙවැනි ඝාතනය

අහුන්ගල්ලේ දී පසුගිය 10 වැනිදා රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් තිදරු පියෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ අහුන්ගල්ල මරදානේ පදිංචිව සිටි එස්. පියල් ගාමිණී නමැති 54 හැවිරිදි පෙදරේරුවෙකි.

මුහුණු ආවරණය කරගත් දෙදෙනකු රාත්‍රි 7.45 ට පමණ පැමිණ පණිවිඩයක් පැවසීමට හමුවීමට වුවමනා යැයි පවසා ඇති අතර නිවෙසේ නිදා සිටි මෙම පුද්ගලයා අවදී වී එම ස්ථානයට එද්දී ඔහුට වෙඩි තබා සැකකරුවන් පළා ගිය බව නිවැසියෝ පවසති.

තුවාලකරු බළපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් වෙඩි තැබූ ඝාතකයන් වෙඩි තබා පයින්ම ඇවිද ගොස් ඇති බවත් පවසන පොලිසිය එම සතිය තුළ දී අහුන්ගල්ල ප්‍රදේශයේ සිදු වූ දෙවන වෙඩි තැබීම බවද කියයි.

අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here