අර්බුදකාරී අවස්ථාවේ රට බේරා ගත හැක්කේ රනිල්ට බව පොදුජන පෙරමුණ තීරණය කළ බවත්, ඒ ලබාදුන් සහයෝගය ඉදිරියටත් දක්වන බවත්, පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
එම සහයෝගය ලබා දෙන්නේ රට සහ ජනතාව වෙනුවෙන් බවත්, අපි එතුමාට ණය හෝ බය නැති බවත් ප්‍රකාශ කළ යුතුව ඇතැයි ද හිටපු අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට විසිහත් වසරක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද රෝහිත සලකුණ සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි.
මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ,පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.