බටහිර අප්‍රිකාවට අයත් මොරිටානියා මුහුදේ ගමන් කරමින් තිබූ අනවසර සංක්‍රමණිකන් පටවා ගත් බෝට්ටුවක් ගිලී යෑමෙන් 89 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙම පිරිස යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි බවට සැක කෙරේ. අනතුර නිසා මුහුදේ පාවෙමින් සිටි 9 දෙනකු බේරා ගැනීමට මොරිටානියා වෙරළාරක්ෂකයන්ට හැකිවී ඇත.